චීන තානාපති කාර්යාල ගිණුම වැසුණේ තාක්ෂණික දෝෂයකින් - ට්විටර් කියයි - දෙබිඩි පිළිවෙත් එපා
Tuesday, 14 April 2020 - 12:52 | Views - 682
අවහිර කරනු ලැබූ මෙරට චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමට යලි පිවිසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඊයේ හේතුවක් නොදන්වා මෙම ගිණුම අවහිර කිරීමට ටිවිටර් සමාගම කටයුතු කර තිබූ බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

එම ගිණුම නැවත ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ද කර තිබූ අතර අද උදෑසන එම අවහිරතාවය ඉවත් කර තිබෙනවා.

අනතුරුව එම ගිණුමට පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහන් කළේ මෙය තාක්ෂණික දෝෂයක් බව ට්විටර් සමාගම දැනුම් දුන් බවයි.

එමෙන්ම, එම පද්ධති දෝෂය සම්බන්ධයෙන් ට්විටර් සමාගම කණගාටුව පළ කර තිබෙනවා.

කෙසේ නමුත් එවැනි පද්ධති දෝෂ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව පැවසූ කොළඹ චීන තානාපති කාර්යාලය කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සැමවිටම ඉඩ පැවතිය යුතු බවයි.

එමෙන්ම, සමාජ මාධ්‍ය පදනමකින් තොර වර්ගවාදී සහ වෛරී ප්‍රකාශ පැතිරවීම සඳහා අවභාවිත නොකළ යුතු අතර, දෙබිඩි පිළිවෙතකින් කටයුතු නොකළ යුතු බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top