නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම් දීමක්
Tuesday, 14 April 2020 - 12:41 | Views - 3,747
ඊයේ සහ පෙරේදා දින වලදී සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියල්ලම පාහේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.
මේ නිසා ශ්‍රී ලංකාව තුල රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහල දැමිය යුතු බව ඔහු අවධාරණය කළා.
මේ අතර, මී උණ රෝගයේ ඉහල යාමක් ද මේ වනවිට පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳව ද අවධාණය යොමු කර වී වගා කටයුතු සිදු කිරීමට පෙර ඊට අදාළ ඖෂධ ලබා ගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ගොවි ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article