කොරෝනා හේතුවෙන් පීඩාවට පත්ව සිටින විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක්
Tuesday, 14 April 2020 - 12:13 | Views - 6,745
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත්ව සිටින විදේශගත විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබ සාධන අංශ සමඟ ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බවයි.
අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල, ජෝර්දාන්, කුවේට්, ලෙබනන් මෙන්ම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 16යේ දූත මණ්ඩල කම්කරු සුබසාධන අංශයට අයත් වනවා.
ඒ සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින්ට තොරතුරු ලබා ගත හැකියි.
එමෙන්ම කොරියානු තානාපති කාර්යාලය, විගමණික ශ්‍රමිකයින්ට ලබාදීම සඳහා මුඛ ආවරණ 5000ක් ද ලබාදී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article