කොරෝනා හේතුවෙන් පීඩාවට පත්ව සිටින විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක්
Tuesday, 14 April 2020 - 12:13 | Views - 6,746
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත්ව සිටින විදේශගත විගමනික ශ්‍රමිකයින්ට සහන රැසක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබ සාධන අංශ සමඟ ඍජුව සම්බන්ධ වී කටයුතු කරන බවයි.

අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායල, ජෝර්දාන්, කුවේට්, ලෙබනන් මෙන්ම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් 16යේ දූත මණ්ඩල කම්කරු සුබසාධන අංශයට අයත් වනවා.

ඒ සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින්ට තොරතුරු ලබා ගත හැකියි.

එමෙන්ම කොරියානු තානාපති කාර්යාලය, විගමණික ශ්‍රමිකයින්ට ලබාදීම සඳහා මුඛ ආවරණ 5000ක් ද ලබාදී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top