කොරෝනා අස්සේ පාඩු නොලබන නෙට්ෆ්ලික්ස් සමාගම
Monday, 13 April 2020 - 13:31 | Views - 1,969
කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමගම ලොව ඇති බොහෝ සමාගම් දැඩි ආර්ථිකමය වශයෙන් පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබෙනවා.
 
කෙසේ වෙතත්, නෙට්ෆ්ලික්ස් සමාගම සැලකිය යුතු පාඩුවක් නොලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය ගෝලිය වසංගතයක් ලෙස නම් කිරීමත් සමගම බොහෝ රටවල් වසා දැමුණා.
 
ඒ හේතුවෙන් ‌‌බොහෝ සමාගම් දැඩි පාඩු ලබන බවටයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, පසුගිය මාසයක කාලය තුළ නෙට්ෆ්ලික්ස් සමාගම තම සම්පූර්ණ ආදායමෙන් සියයට 17 ක් පාඩුවක් ලබන බව ද ව්‍යාපාර විශේලේෂකයින් පෙන්වා දෙනවා.
 
නෙට්ෆ්ලික්ස් සමාගමේ ප්‍රධානතම තරගකරුවන් වන Comcast සමාගමේ ආදායම 24% කින් ද, Disneyහි ආදායම 38% කින් ද පහත වැටි ඇති බව සදහන්.
 
එමෙන්ම විශාල පාඩුවක් ලබා ඇත්තේ, ViacomCBS සමාගමයි.
 
ඔවුන්ගේ මාසික ආදායමෙන් 66% ක් පහත වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
මේ වනවිට චිත්‍රපටි හා ටෙලි නිෂ්පාදන නවතා ඇති අවස්ථාවක නෙට්ෆ්ලික්ස් ආයතනයේ ආදායම දැඩි පසුබෑමක් පෙන්නුම් නොකරන බව ද ව්‍යාපාර විශේලේෂකයින් අවධාරණය කරනවා.
 
එම සමාගම සතුව පවතින චිත්‍රපටි හා ටෙලි නිෂ්පාදනවල එකතුව නිසාත්, මෙම කාලසීමාව තුළ බොහෝ පිරිස් නෙට්ෆ්ලික්ස් යෙදවුම් භාවිත කරමින් චිත්‍රපට නරඹන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.්‍
 
නෙට්ෆ්ලික්ස් සඳහා පිවිසෙන්න පහතින්..

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top