රට වසා දැමීමට ප්‍රමාද වූවා වැඩියි - ඇමරිකානු ජනපතිට චෝදනා
Monday, 13 April 2020 - 13:05 | Views - 5,131

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇමරිකාවේ වසා දැමීම් සහ සීමා කිරීම් ඉවත් කිරීම් සම්බන්ධයෙන් මේ වනවිට ධවල මන්දිරය සළකා බලමින් සිටින බව ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර, එම තත්ත්වය හමුවේ ඊයේ දිනයේ ඇමරිකාව එරට සියලු ප්‍රාන්ත තුළ හදිසි ආපදා තත්වයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් එරට ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනී ෆවුසි, නිව්යෝක් ටයිම්ස් වෙත ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය නතර කිරීම සඳහා මුල් අවස්ථාව තුළදී නිර්නායක හඳුන්වා දුන්නේ නම් ඇමරිකාවට ජීවිත ආරක්ෂා කරගැනීමට අවස්ථාව තිබූ බවයි.
ඇමරිකාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පන්ලක්ෂ 60,433 දෙනෙකු වාර්තාවී ඇති අතර, මරණ සංඛ්‍යාව 22,115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ලුසියානා, ටෙක්සාස් සහ මිසිසිපි ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු සහ ගං වතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක්ද විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා.
නිවාස කඩාවැටීම හේතුවෙන් එම ප්‍රාන්තවල බොහෝ පිරිසක් මේ වනවිට අවතැන්වී ඇති බවද වාර්තා වනවා.
පසුගිය සතියේ ඇමරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා මාර්ගෝපදේශන මාලාවක්ද නිකුත් කර තිබුණේ රැකවරණය පතා පැමිණෙන අවතැන්වූ ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහායි.
Share This Article