අලුත් අවුරුද්දේ, අධ්‍යාපන ඇමතිගෙන් පාසල් දරු දැරියන්ට විශේෂ ඇරයුමක්
Monday, 13 April 2020 - 11:42 | Views - 915
සිංහල දෙමළ අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකත ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා සියලුම පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මෙවර අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකතේ දී පැන්සල හෝ පෑන අතට ගෙන පොතක් ලිවීමට පියවර ගන්නා ලෙසයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරෙන "අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක් " යන වැඩසටහනට අදාලව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර තිබෙනවා.
මෙවර අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකත යෙදී ඇත්තේ අද (13) අපරභාග 10.43ටයි.
Share This Article