මහාචාර්ය මලික් පීරිස් ප්‍රධානියා වෙන්න හිටිය බයෝ තාක්ෂණ ආයතනය කෝ ?
Monday, 13 April 2020 - 10:42 | Views - 653
තමන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාව සිටියදී සියලු පහසුකම් සලසා දී ආරම්භ කිරීමට සූදානම් කර තිබූ ජීව තාක්ෂණ ආයතනය, ඉන්පසුව ආරම්භ කර තිබුණේ නම් කොරෝනා වෛරසය සම්බන්ධ පරීක්ෂණවලට එම තාක්ෂණය විශාල පිටිවහලක් වීමට ඉඩ තිබූ බව, මහාචාර්ය තිස්ස විතාරණ පවසනවා.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ද හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මේ බව කියා සිටියේ හිරු සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම බයෝ තාක්ෂණ ආයතනය ස්ථාපිත කළේ නම් එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට යෝජනා කර තිබුණේ දැනට හොංකොං විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු වන මලික් පීරිස් නමැති කීර්තිමත් ශ්‍රී ලාංකිකයා බවද තමන්ට දැනගන්නට ලැබුනේ යැයි තිස්ස විතාරණ මහතා සඳහන් කළා.
මලික් පිරිස් යනු මිට පෙර ලොව පුරා පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගත් මහාචාර්යවරයා ලෙස පිළිගැනෙනවා.
හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ සමග පැවැත්වූ සාකච්ඡාව පහතින්..
Share This Article