ඉතාලියේ සහ ප්‍රංශයේ කොරෝනා මරණ කැපී පෙනෙන අඩුවීමක්
Monday, 13 April 2020 - 10:34 | Views - 2,757
යුරෝපා කලාපයේ ඉතාලිය සහ ප්‍රංශය යන රටවල දෛනික මරණ අඩුවීමක් දක්නට ලැබෙනවා.
ඉතාලියෙන් ගෙවුණු දිනයේදී වාර්තාවී තිබුණේ මරණ 431ක් පමණක් වන අතර, මාර්තු මැද භාගයේ සිට දිනක් තුළ එරටින් වාර්තාවූ අඩුම මරණ සංඛ්‍යාව සටහන් වී තිබෙනවා.
ලොව පුරා පැතිර ගොස් ඇති කොවිඩ් 19 වෛරස වසංගතයෙන් අද වන විට වාර්තාවී ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 114,000ක් ඉක්මවා තිබෙනවා.
වාර්තා වී ඇති ආසාදිතයන් ගණන දහඅට ලක්ෂ හතළිස් හයදහස ඉක්මවා ඇතත් ඒ අතරින් 421,000ක් පමණ සම්පූර්ණ සුවය ලබා තිබිම විශේෂත්වයක්.
ආසාදිතයන් 156,300ක් අතරින් 34,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇත.
ප්‍රංශයේද ගතවූ පැය 24 තුළ මරණ වාර්තාවී තිබුණේ 561ක් පමණක් වන අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 14,412 දක්වා ඉහළ ගිය අතර සමස්ත ආසාදිතයන් ගණන 133,670ක්.
Share This Article