ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය කපා හරී
Monday, 13 April 2020 - 7:41 | Views - 1,329
ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයන් තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනය සියයට 10 කින් අඩු කිරීමට එකඟවී තිබෙනවා.
වීඩියෝ සාකච්ඡාවක් මගින් අදාළ එකඟතාවකට එළඹ ඇති අතර, එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බවයි විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් සඳහා වන ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඔපෙක් සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
Share This Article