කොරෝනා මර්දනයට මැලේරියා ඖෂධ ඉන්දියාවෙන් ඇමරිකාවට
Sunday, 12 April 2020 - 14:23 | Views - 903
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ඉන්දීය රජය ලබාදුන් මැලේරියා මර්දන හයිඩ්‍රොක්සි - ක්ලොරොක්වින් පෙති තිස් පන්ලක්ෂ 82,000ක තොගයක් ඊයේ ඇමරිකාවට ළඟාවී තිබෙනවා.
එම ඖෂධ තොගය සහ ඇමරිකාව ඉල්ලා සිටි අනෙකුත් වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානයක් නිව්ජර්සි ප්‍රාන්තයේ නෙවාක් ගුවන් තොටුපලට ළඟාවූ බවයි ඇමරිකාවේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්දු ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරස් ආසාදිතයන්ට මෙම මැලේරියා ඖෂධය ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත් හයිඩ්‍රොක්සි - ක්ලොරොක්වින් ඖෂධය අපනයනය කිරීම ඉන්දීය රජය මගින් කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ අත්හිටවනු ලැබුවා.
එහෙත් ජනපති ට්‍රම්ප් කළ ඉල්ලීමට අනුව එම තහනම ඉවත් කිරීමත් සමඟයි ඖෂධ තොගය ඇමරිකාවට රැගෙන විත් ඇත්තේ.
මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින එක්සත් රාජධානියට සහ ජර්මනියට අලුත් එළවළු සහ පළතුරු ගුවනින් සැපයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
Share This Article