ශ්රී ලංකාව ඇතුළු දකුණු ආසියාව, දරුණුම ආර්ථික අවපාතයට ලක්විය හැකි බවට ලෝක බැංකුවෙන් පුරෝකතනයක්
Sunday, 12 April 2020 - 13:18 | Views - 831
ඉන්දියාව, ශ්රී ලංකාව ඇතුලු දකුණු ආසියාකරයේ රටවලින්, මේ වසරේදී වසර 40 කින් දරුණුතම ආර්ථික අවපාතය අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා.
එමඟින් නිකුත් කරනු ලැබූ නවතම ආර්ථික අනාවැකියේ දැක්වෙන්නේ 2020 වසර තුළ දකුණු ආසියානු කලාපය සියයට 1.8 ත් සියයට 2.8 ත් අතර ආර්ථික වර්ධනයක් හිමිකරගනු ඇති බවයි.
එහෙත් මීට මාස හයකට පෙර කලාපයෙන් සියයට 6.3 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරුණා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම ආර්ථික අපගමනයක් ඉන්දියාවෙන් අපේක්ෂා කරන අතර, ශ්රී ලංකාව, නේපාලය, භූතානය සහ බංග්ලාදේශයේ ආර්ථික වර්ධනයද කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින දරුණු ආර්ථීක අර්බුදයකට ලක්වනු ඇති බව එමඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
Share This Article