ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව, දරුණුම ආර්ථික අවපාතයට ලක්විය හැකි බවට ලෝක බැංකුවෙන් පුරෝකතනයක්
Sunday, 12 April 2020 - 13:18 | Views - 832
ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාකරයේ රටවලින්, මේ වසරේදී වසර 40 කින් දරුණුතම ආර්ථික අවපාතය අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා.

එමඟින් නිකුත් කරනු ලැබූ නවතම ආර්ථික අනාවැකියේ දැක්වෙන්නේ 2020 වසර තුළ දකුණු ආසියානු කලාපය සියයට 1.8 ත් සියයට 2.8 ත් අතර ආර්ථික වර්ධනයක් හිමිකරගනු ඇති බවයි.

එහෙත් මීට මාස හයකට පෙර කලාපයෙන් සියයට 6.3 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරුණා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම ආර්ථික අපගමනයක් ඉන්දියාවෙන් අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ බංග්ලාදේශයේ ආර්ථික වර්ධනයද කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින දරුණු ආර්ථීක අර්බුදයකට ලක්වනු ඇති බව එමඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top