වෛද්‍ය උපදෙස්වලට මුල්තැන දෙමින් අවුරුද්ද සමරන්නැයි මල්වතු සහ අස්ගිරි අනු නාහිමිවරුන්ගෙන් අවවාද
Sunday, 12 April 2020 - 13:16 | Views - 470
එළඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ චාරිත්‍රවලට නොව වෛද්‍ය උපදෙස්වලට බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි හිමිපාණන් පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ රජය ගෙන යන වැඩපිළිවෙලට සියලුදෙනා මේ මොහොතේ සහය ලබාදිය යුතු බවයි.
එමෙන්ම මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන්ද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුගතව පවතින යම් යම් කරුණු ඉටු කිරීමේදී සීමාවන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි.
Share This Article