විදෙස් ගුවන්තොටුපලවල සිරවූ තවත් 14ක් දිවයිනට
Sunday, 12 April 2020 - 13:10 | Views - 3,048
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ගෝලීය වශයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් විදෙස් රටවල ගුවන් තොටුපලවල සිරවූ තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

මොවුන් අතුරෙන් 9 දෙනෙකු සිංගප්පූරුවේ සිට පැමිණි අතර, ඉතිරි පස්දෙනා පැමිණියේ දෝහා කටාර් සිටයි.

අද දිනය තුළ මෙරටින් මේ දක්වා නව කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නැහැ.

ඒ අනුව තවදුරටත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව සටහන් වන්නේ 199 දෙනෙකු ලෙසයි. ඉන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 54 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

මෙරටින් වාර්තාවී ඇති නව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව හතක්.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලාබාලතම කොරෝනා රෝගියා සුවය ලබා නිවෙස වෙත පැමිණ තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මාස 4 ක බිළිඳෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වූ බවට පසුගිය 30 වනදා තහවුරු වූ අතර, එම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබුණා.

ඉන් තුන්දෙනෙකු මේ වනවිටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එමෙන්ම එම පවුල සමඟ ඍජුව සම්බන්ධකම් පැවැත්වූ විසිදෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය සඳහා යොමු කිරීමටයි පියවර ගැනුනේ.

එහිදී සායනිකව මෙන්ම පී.සී.ආර්. පරීක්ෂණයට එම පිරිස් යොමු කිරීමෙන් අනතුරුව කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක කියා සිටියේ.

එමෙන්ම මඩකලපුව - පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයින් 208 දෙනෙකුගේ සාම්පල කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා ඊයේ දිනයේ ලබාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද ගෝලීය වශයෙන් එය තුරන් කරන තුරු රෝගය පැතිරීමට වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ වසංගත තත්වය පාලනය කළද, ඉදිරි කාලයේදීත් සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු කිරීමට ජනතාවට සිදුවනු ඇති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top