ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීති දැඩි වෙයි
Sunday, 12 April 2020 - 10:10 | Views - 653
ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ පොලිස් භාරයට ගන්නා වාහන ද අදාළ නඩු කටයුතු අවසන් වන තෙක් අධිකරණ භාරයේ තබා ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 1525 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ වාහන 350ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
මාර්තු මස 20 වනදා පස්වරු 6ට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 23500ක්.
එම කාල සීමාව තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 6500ක් බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.
Share This Article