මට මගේ අම්මාව නැවත දකින්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ - කොරෝනා ජයගත් වයස්ගතම ආසාදිතයෙකුගේ පුතා කියු කතාව
Sunday, 12 April 2020 - 8:16 | Views - 888
සිය මව නැවත දැකීමට හැකි වනු ඇති බවට තමන් කිසිවිටෙකත් විශ්වාස නොකළ බව කොරෝනා වෛරසයෙන් දිවි ගලයා ගත් වයස්ගතම රෝගීයෙකුගේ පුත්‍රයා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ස්කොට්ලන්තයේ වාසය කළ, 98 හැවිරිදි ඩැෆ්නි පසුගිය සතියේ කොරෝනා ආසාදනයවී ඇති බවට සැක කරමින් රෝහල් ගත කළා.

එම අවස්ථාවේදී ද ඇය‌ට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර නොතිබු අතර, සිදු කරනු ලබන පරීක්ෂණවලදී වෛරසය ආසාදනයවී ඇති බවටයි තහවුරුවී තිබුණේ.

ඩැෆ්නි ෂා රෝහල් ගත කර දින පහකින් පූර්ණ සුවය ලබා නිවෙස වෙත පැමිණියේ, කොරෝනා ජයගත් වයස්ගතම ආසාදිතයා ලෙසයි.

'' මගේ අම්මාව මට නැවත දකින්න ලැබෙයි කියලා හිතුවේ නෑ. දකින්න ලැබුණ එකත් ලොකු සහනයක්, ඇය අවුරුදු 20 ක් විතර මගෙත් එක්කයි, ඇය සෞඛ්‍ය සම්පන්න කෙනෙක් " මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා පවසා තිබුණා.

කොරෝනා ආසාදනය වීමෙන් වැඩිහිටි පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වන බවට වෛද්‍යවරුන් පැවසු මත මුසාවක් කරමින් ඇය සුව ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියා.

ඩැෆ්නි ෂා ජූලි මාසයේදී සිය 99 වන උපන්දිනය සැමරීමට අපේක්ෂාවෙන් සිටිනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top