දරුවා වෙනුවෙන් කිලෝ මීටර් 1400ක් ස්කූටරයෙන් ගිය Lockdown කිරිමට නොහැකිවූ අපුරු මව් සෙනෙහස
Sunday, 12 April 2020 - 8:11 | Views - 1,533
මාරාන්තික කොරෝනා මේ වනවිට ඉන්දියාවේ, ජීවිත 249 ක් බිලිගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පවසනවා.
 
එමෙන්ම එරට හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 7,600 ක්.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමත් සමගම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී දින 21 ක කාලයක් සදහා රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි තීරණය කළේ.
 
ඒ හේතුවෙන්, විවිධ ප්‍රාන්තවල අධ්‍යාපන කටයුතු සදහා පිටත්ව ගොස් සිටි සිසු සිසුවියන් මෙන්ම දුප්පත් ජනයා ද දැඩි පීඩනයකට ලක්ව ඇති බව එරට මාධ්‍ය පසුගිය දිනවල කියා සිටියා.
 
එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම මේ වනවිට අඩපණවී ඇති බව ද සදහන්.
 
ඒ හේතුවෙන් දුර බැහැරව සේවා කරමින් සිටින බොහෝ පිරිස් පා ගමනින් හෝ තම පෞද්ගලික වාහනවලින් නිවෙස් වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
රට වසා ඇති මොහොතක තම පුත්‍රයා නැවත නිවෙස වෙත ආරක්ෂිතව රැගෙන යාම සදහා කිලෝමීටර් 1,400 ක් ගමන් ගත් මවක සම්බන්ධයෙන් පුවතක් ද ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
Razia Begum නමැති 50 හැවිරිදි ගුරුවරියක වන ඇය Telangana දිස්ත්‍රික්කයේ පදිංචිකාරිනියක් වනවා.
 
ඇයගේ පුත්‍රයා වන Mohammed Nizamuddin අන්ද්‍රා ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතුවල නිතර වන අතර රට වසා දැමීමට රජය පියවර ගැනීමත් සමග ඔහුට සිය නිවෙස වෙත පැමිණීමට නොහැකිව එම ප්‍රාන්තයේම සිරවී සිටි ඇති බව සදහන්.
 
තම පුතා යළි නිවෙස වෙත රැගෙන ඒම සදහා පසුගිය සදුදා සිය යතුරු පැදියෙන් ඇය පිටත්ව ඇත්තේ රටම වසා ඇති අවස්ථාවකයි.
 
ප්‍රාන්ත දෙක අතර දුර කිලෝමීටර් 1,400 ක් වන අතර එය සම්පුර්ණ කිරීමට දින තුනක් ගතවී තිබු බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
 
සිය පුතා යළි නිවෙස වෙත රැගෙන යාමෙන් අනතුරුව ඇය මාධ්‍ය අමතා මෙලෙස කියා සිටියා.
 
"ඔහුව නැවත නිවසට ඒමට අවශ්‍යව තිබුනත් එසේ ඒමට හැකියාවක් තිබුනේ නැහැ. ඒ වන විට මාර්ගයේ ධාවනය කිරිමට අවසර තිබුනේ යතුරුපැදි වලට පමණයි. මම පොලිසියේ කොමසාරිස්වරයාට මගේ අවශ්‍යතාවය දැනුම් දී ඔවුන් ගෙන් අවසර ලබා ගත්තා. මට මගේ පුතාව එහෙ අත්හැරලා තියන්න හිත හදා ගන්න බැරි උනා. මේ තත්ත්වය තව කොපමණ කාලයක් තියෙද්විද කියා කියන්න අපි කවුරුත් දන්නේ නැහැ"
 
මීට වසර 15 කට පෙර Razia Begumගේ ස්වාමි පුරුෂයා අභාවප්‍රාප්තවී ඇති අතර ඇය දෙදරු මවක් ද වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top