"ලෝකයේ සුපිරි බලවතුන්ටත් දණින් වැටෙන්නට සැලැස්වූ මාරාන්තික කොරෝනා වෛරසය මුළු ලෝකයම නතු කරගෙන අවසන්.
එවන් තත්ත්වයක් තුළ කොරෝනා රෝගීන්ට නිරන්තරයෙන් පිළිසරණක් වෙන්නේ වෛද්‍යවරුන් හා හෙදියන්.
ලොව පුරා වෛද්‍යවරුන් හා හෙදියන් බොහෝ පිරිසකට වෛරසයටම ගොදුරු වී අන්තිම ගමන යන්න සිද්ධ වුණා.
මේ නිසාම ලෝකයේ මිලියන ගණනක "හෙද හිඟයක්" පවතින බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දිනෙක අනාවරණය කළේ.
වෛරසයෙන් වැඩිම බලපෑම එල්ලව ඇති ඇමරිකා එක්සත් ජනපදය පසුගිය පැය විසිහතර තුළ, එනම් දිනක් තුළ, සියළු රටවල් අභිබවා යමින් මරණ 2000 සීමාව පසුකළ පළමු රට බවට පත්වුණා.
එරට ආසාදිත සංඛ්‍යාව 502, 876 ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර නිව්යෝක්හි සෙන්ට්‍රල් පාර්ක් රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියක් විසින් අතිශය සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
වෛරසය හා සටන් කිරීමේ භයානකකම විස්තර කරන, ඇය මෙම වීඩියෝවේ ඇය හඬා වැටෙන්නේ සියළු දෙනා කම්පාවට පත් කරමිනුයි.
පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ සිය ෆේස්බුක් පිටුවේ ඇය මෙම වීඩියෝව පළ කර තිබුණා.
තමන් විසින් රෝගීන් මිය ගොස් ඇති බව දැනගැනීම සඳහා කාමර-වල ඇවිද යාම ගැන ඇය මෙහි සඳහන් කරනවා.
එමෙන්ම මරාන්තික කොරෝනාව සමඟ සටන් වැදුණු හෙද හෙදියන්ට සිය ස්තුතිය පිරි නමන්නටද ඇය අමතක කළේ නැහැ.
වෛද්‍ය කාර්ය මණ්ඩලයට වඩාත් අනුකම්පාවක් දක්වන ලෙස ද ඇය අයැද සිටිනවා.
කොරෝනා වැරෙන් පහර දෙන ස්ථානයක් බවට නිව්යෝක් පත්ව ඇති අතර ප්‍රාන්තයේ පමණක් රෝගීන් 159, 000 වැඩි පිරිසක් වෛරසයට බිලිවී ඇති බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළා.
තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව ද 7000 ඉක්මවා යනවා.
වසංගතයේ ප්රමුඛ කාර්යයක් කරන මෙම හෙදිය බොහෝ දෙනෙක් ඇස් පනාපිටම මිය යනු දුටු වේදනාව මෙම වීඩියෝවෙන් මෙසේ බෙදා හදා ගත්තා.
35 හැවිරිදි මැය නමින්, ඩෙනයිල් ෂ්මාල්.
තම රැකියාවේ විනාශකාරි තත්ත්වය විස්තර කරන ඇගේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් පවතිනවා.
Dailymail ඇසුරිනි.



