පැය 24ක් ඇතුළත Corona ඇමරිකාවට කළ මහා විනාශය - මියයන අය ඈත දූපතක වළලනවලූ
Saturday, 11 April 2020 - 16:33 | Views - 5,044
අවසන් පැය 24 තුළදී ඇමෙරිකාවේදී කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ 2000 ඉක්මවා තිබෙනවා. ඒ අනූව එක් දිනක් තුල ලොව රටක සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙය යි.
 
ඇමෙරිකාවේ පමණක් කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 18,747ක් බවයි ඇමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමෙරිකාවේ මියයන කොරෝනා රෝගීන්ගේ පිරිසක්, නිව්යෝක් නගරයේ හුදෙකලා දූපතක් වන හාර්ට් දුපතේදී මිහිදන් කිරීමට එරට බලධාරීන් කටයුතු කරන බවයි.
 
අදාළ දූපත වසර 150ක් තිස්සේ එරට සිදුවන හඳුනානොගත් මරණ මිහිදන් කිරීමට භාවිතා කරන ස්ථානයක් වනවා.
 
හාර්ට් දූපතේ සමූහ මිනී වලක් සාදා මිහිදන් කිරීමට කටයුතු කරනවා.
 
බලපෑමට ලක් වූ පිරිසට උදව් උපකාර කිරීම ද මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මීට දින කිහිපයකට පෙර වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ විශේෂඥයින් පිරිසක් ද ඇමරිකාවේ සිදුවන මරණ සංඛ්‍යාව ගැන අනාවැකි පළ කර තිබුණා.
 
ඔවුන්ගේ මතය අනුව වසංගතයෙන් මිය යන සංඛ්‍යාව අගෝස්තු මාසය වන විට 61, 000 ඉක්මවා යනු ඇති බව වාර්තා වනවා.
 
සැලසුම් කර ඇති පරිදි දින 30 කට පසු වර්තමාන අඟුළු දැමීම (lockdown) ඉවත් කළ හොත් ගිම්හානයේදී කොරෝනා වෛරස් ආසාදන වැඩිවීමක් සිදුවන බව එක්සත් ජනපද රජයේ නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
 
කෙසේ වෙතත් මේ වන විටත් එක්සත් ජනපදයේ සියයට 95ක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
 
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලබාගත් රජයේ ප්‍රක්ෂේපනවලින් පෙනී යන්නේ, දැනට ක්‍රියාත්මක වන දැඩි සමාජ දුරස්ථ පියවර ඉවත් කළහොත්, ජුනි සහ ජූලි මාසවලදී ආසාදන හා මරණ දෙවන රැල්ල ඉහළ යනු ඇති බවයි.
 
ස්වදේශික ආරක්ෂක හා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තු වලින් ලබාගත් ප්‍රක්ෂේපනවලට අනුව, දැනට පවතින අඟුළු දැමීම, මැයි 30 වන දින ඉවත් කළ හොත්, මරණ සංඛ්‍යාව 200,000 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
 
Dailymail ඇසුරිනි.

New York City hires laborers to bury dead in Hart Island potter's ...
Coronavirus in New York: N.Y.C. to Bury Some Victims on Hart ...
New York governor says 'curve is flattening' but horror continues ...
Worldwide death toll from coronavirus hits 100,000 | The Times of ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top