ප්‍රදේශ කිහිපයකට හෙටත් අවධානය යොමුකළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක්
Saturday, 11 April 2020 - 16:24 | Views - 683
වයඹ සහ උතුරුමැද පළාත්වලට මෙන්ම මන්නාරම, වන්නියාව, ගම්පහ, මොනරාගල, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් හෙට දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවද අවධානයෙන් පසුවිය යුතු බව එහි තවදුරටත් සඳහන්.
Share This Article