ඉබෝලා යළි මතුවේ
Saturday, 11 April 2020 - 14:10 | Views - 2,549
නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයෙන් නැවතත් ඉබෝලා වෛරස් ආසාදිතයෙකු හමුවී ඇති අතර, එවැනි තවත් ආසාදිතයන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
එලෙස ඉබෝලා ආසාදිතයෙකු හමුවී ඇත්තේ එම වෛරස් රෝගය අප්‍රිකාවෙන් තුරන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමට දින 3ක් තිබියදියි.
පසුගිය දින 42 පුරාම ඉබෝලා වෛරස් ආසාදිතයන් හමු නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.
ඉබෝලා රක්තපාත උණ ලෙස හැදින් වූ මාරාන්තික විය හැකි ඉබෝලා වෛරසය 2014 - 2016 කාලය තුළ බටහිර අප්‍රිකාවේ පැතිරුණු අතර, එහිදී පුද්ගලයන් 2260ක් ජීවිතක්ෂයට පත්වුණා.
Share This Article