ප්රදේශ කිහිපයකට පස්වරු 4 සිට පැය 12ක් ජලය අත්හිටුවයි
Saturday, 11 April 2020 - 14:09 | Views - 2,095
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 4 සිට පැය 12ක් ප්රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප්රදේශ වෙත මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව කැළණිය, වත්තල, ජාඇල, බියගම, මහර හා දොම්පේ ප්රාදේශීය සභා බල ප්රදේශවලට ද අද පස්වරු 4 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.
එසේම ගම්පහ, ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට ද මෙම කාලසීමාව තුළ ජලය අත්හිටුවනු ලබනවා.
Share This Article