බලංගොඩ වෙළදසැලක ගින්නට හසු වූ පියා සහ දියණියගේ සිරුරු සොයා ගැනීම දුෂ්කර වෙයි
Saturday, 11 April 2020 - 13:17 | Views - 5,621
බලංගොඩ - ගල්ගොඩ - රුක්අත්තන මාර්ගයේ පන්සල අසල පිහිටි වෙළඳසැලක හටගත් ගින්නෙන් මියගිය පියාගේ සහ දියණියගේ සිරුරු සොයාගැනීමට දුෂ්කර වී ඇති බව වාර්තාවනවා.
අද අලුයම තුනට පමණ හටගත් ගින්නෙන් අදාළ වෙළඳසැල මුළුමනින්ම විනාශ වී ඇති අතර, දැඩි ලෙස පිළිස්සීම හේතුවෙන් සුන්බුන් අතර පවතින සිරුරු සොයාගැනීම දුෂ්කර වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න හටගත් අවස්ථාවේ වෙළඳසැලේ එක් කොටසක එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතා පදිංචිව සිට තිබෙනවා.
ගින්නෙන් මව සහ පුතා දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.
50 හැවිරිදි පියා සහ 19 හැවිරිදි දියණිය ද වෙළඳසැල තුළ සිටි බවට දිවි ගලවාගත් මව සහ පුතා ලබාදුන් ප්රකාශ මතයි ඔවුන්ගේ සිරුරු සොයා බලංගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර, ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරු රස පරීක්ෂක වාර්තාවක් කැඳවන බව ද පොලීසිය සඳහන් කළා.
Share This Article