බලංගොඩ වෙළදසැලක ගින්නට හසු වූ පියා සහ දියණියගේ සිරුරු සොයා ගැනීම දුෂ්කර වෙයි
Saturday, 11 April 2020 - 13:17 | Views - 5,622
බලංගොඩ - ගල්ගොඩ - රුක්අත්තන මාර්ගයේ පන්සල අසල පිහිටි වෙළඳසැලක හටගත් ගින්නෙන් මියගිය පියාගේ සහ දියණියගේ සිරුරු සොයාගැනීමට දුෂ්කර වී ඇති බව වාර්තාවනවා.

අද අලුයම තුනට පමණ හටගත් ගින්නෙන් අදාළ වෙළඳසැල මුළුමනින්ම විනාශ වී ඇති අතර, දැඩි ලෙස පිළිස්සීම හේතුවෙන් සුන්බුන් අතර පවතින සිරුරු සොයාගැනීම දුෂ්කර වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න හටගත් අවස්ථාවේ වෙළඳසැලේ එක් කොටසක එකම පවුලේ මව, පියා, දියණිය සහ පුතා පදිංචිව සිට තිබෙනවා.

ගින්නෙන් මව සහ පුතා දිවි බේරාගෙන ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

50 හැවිරිදි පියා සහ 19 හැවිරිදි දියණිය ද වෙළඳසැල තුළ සිටි බවට දිවි ගලවාගත් මව සහ පුතා ලබාදුන් ප්‍රකාශ මතයි ඔවුන්ගේ සිරුරු සොයා බලංගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.

කෙසේ වෙතත් ගින්නට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර, ස්ථානීය පරීක්ෂාවෙන් අනතුරු රස පරීක්ෂක වාර්තාවක් කැඳවන බව ද පොලීසිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top