මේ දවස්වල සමුගැනීම් හරිම වේදනාකාරියි, ආයෙත් හමුවන දකින දවස කවදා වෙයිද දන්නේ නැහැ
Saturday, 11 April 2020 - 11:57 | Views - 629
"ලෝකයම වසාගත් කොරෝනා මේ වෙද්දී ජීවිත 97, 000කට එහා බිලි අරන්.
 
ලෝකයේ බලවතුන් දුබලයින් තකන්නේ නැතිව ඇහැට පේන්නෙවත් නැති වෛරසයක් කරමින් ඉන්න විනාශයට පිළියම් හොයන්න, බොහෝ දෙනෙක් උත්සහ ගනිමින් සිටිනවා.

එවන් මොහොතක ඔබට "ගෙදරටම වෙලා ඉන්න" කියන කැපකරුවන් බොහෝ දෙනෙක් "කොරෝනාව මරන්න" සටන් වදිනවා.
 
ත්‍රිවිධ හමුදාව, පොලීසිය මහ පාරේ ඔබ වෙනුවෙන් හිට ගනිද්දී, දිවා රෑ නොතකා රෝහල්-වල, වෛද්‍යවරුන් සහ හෙදියන් ඔවුන්ගේ උපරිමයෙන් මේ ව්‍යසනය මැඩ පවත්වන්න දායක වනවා.
 
එවන් මොහොතක..... මුස්ලිම් ජාතික හෙදියක් පිළිබඳව මුහුණු පොතේ පළවූ සංවේදී සටහනක් අපිට හමුවුණා.
 
මේ ඒ සටහන‍ යි...
 
ආදරණීය මුස්ලිම් හෙදිය...
 
ඇය නමින් මෆාෂා රෂීඩ් ....
ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩිසත්කාර එකකයක සේවය කරන ඇය......සමස්ත සිංහල දෙමල හා මුස්ලිම් බර්ගර් සියල්ලන්ටම විශාල පාඩමක් කියාදෙනවා....
 
කොළඹ ජාතික රෝහලෙන් IDH රෝහල වෙත උපකාරක සේවයක් ලෙස
දින 14ක අඛණ්ඩ ප්‍රතිකාර සේවා ලබා දුන් පළමු කණ්ඩායම අප්‍රේල් 10 වන දින නැවත පැමිණියා...
මෆාෂා එහි සාමාජිකාවක්.....
 
කුමන දහමක් ඇදහුවද ....රෝගී වීම ජරාවට පත්වීම හා මරණය පොදු දහමක් බව හොදින්ම අවබෝධ කොටගත් ඇය සේවා සැපයූවේ....සෑම විටම ශ්‍රී ලාංකීයත්වය පෙරටු කොටගත් හෙදියක් ලෙසය....සියල්ලන්ම ඇයට යහලුවන්....මව්පියන් සහොදර සහෝදරියන්....
 
රෝගී සත්කාරයේදී වටීනාම බෙහෙත වූ සිනහවත් රැගෙන යන ඇය වරෙක මෙලෙස පැවසූවා
 
තෙරුවන් සරණයි, බුදු සරණයි, දෙවි පිහිටයි, අල්ලාහ්ඩ කාවල්, ඔය මොන විදිහට ප්‍රාර්ථනා කරත් මට නම් ප්‍රශ්නයක් නෑ, ඒ ප්‍රාර්ථනාව හදවතින්ම කරන දෙයක් වෙන්ඩයි ඕන!!!!
 
Nurse කෙනෙක් විදිහට ලබන්න පුලුවන් උපරිම තෘප්තිය හා ආඩම්බරයක් එක්ක අපි පහලොස් දෙනාගෙ කණ්ඩායම අද IDH රෝහලෙන් පිටවී ආවා!!!
 
උදව් කල, දිරි ගැන්වූ, ආදරය, රැකවරණය හා අපේ සුරක්ෂිත බව වෙනුවෙන් සුබ පැතුම් හා ආශිර්වාද එක් කළ හැමදෙනාටම හදපිරි ආදරය හා ගෞරවය
 
ඇය තවත් ජාතියකට අයත් හෙදියක් නොව ශ්‍රී ලාංකික හෙදියකි.........
 
ඇයගේ face book පිටුව හරහා ඇය කියන්නට හදන්නෙ..කුමක්ද...සමස්ත ශ්‍රී ලාංකිකයනි....විමසා බලන්න....
 
අපට එක්වීමට තවත් සීතීමට කාලය නොවේ....ශ්‍රී ලාංකීයත්වයට ජය වේවා...!!!
Image may contain: textNo photo description available.Image may contain: one or more people, people standing and indoor
Image may contain: text that says 'Mafaza Rasheed is exhausted. 30 Mar at 23:26 feeling අපි මැරීගෙන මෙච්චර කරන්නෙ දේකට ද කියල හිතෙනව!!!!'

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top