ඉන්දියාවේ පැය 24ක් තුළ කොරෝනා මරණ 40ක්
Saturday, 11 April 2020 - 11:02 | Views - 1,200
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ මරණ 40ක් සහ නව ආසාදිතයන් 1574ක් වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දීය රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 7447ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 239ක්.

එමෙන්ම, ඉන්දියාවේ නවදිල්ලි පුරවරයෙන් නව කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු සහ මරණ දෙකක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව එහි ආසාදිතයන් සංඛ්‍යාව 903ක් සහ මරණ සංඛ්‍යාව 14ක් ලෙස ඉහළ යනවා.

මේ අතර, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉන්දියාව වසර 21ක කාලයකට වසා දැමීම නිසා මිලියන සංඛ්‍යාත ඉන්දියානු ළමයින්ගේ ජීවිත අවදානමට ලක්ව තිබෙනවා.

දස දහස් සංඛ්‍යාත ළමයින් දිනපතා තමන්ට ඇවැසි දේ ඉල්ලා විශේෂිත දුරකථන මාර්ග අමතන අතර තවත් දහස් සංඛ්‍යාත පිරිසක් කුසගින්නේ නින්දට යන බවයි සහන සංවිධාන පෙන්වා දෙන්නේ.

මිලියන 472ක් වන ලොව විශාලතම ළමා ජනගහනය වෙසෙන ඉන්දියාවේ දුප්පත් පවුල්වල මිලියන 40 ඉක්ම වූ ළමයින් කොරෝනා වසගංතය නිසා ඉන්දියාව වසා දැමීමෙන් අතිශය දුෂ්කරතාවට පත්ව ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top