චීනය, මසට ඇති කළ හැකි සතුන්ගේ ලැයිස්තුවක් කෙටුම්පත් කරලා
Saturday, 11 April 2020 - 8:50 | Views - 1,693
මාංශ සඳහා ගොවිපලවල ඇති කළ හැකි සතුන්ගේ ලැයිස්තුවක් කෙටුම්පත් කිරිමට චීන රජය කටයුතු කර තිබෙනවා.
කොරෝනා වෛරසය වූහාන් නගරයේ සත්ත්ව මාංශ වලින් බිහිවූ බවට සැක මතුවීමත් සමග චීනය පුරා වන සත්ත්ව වෙළඳාම තහනම් කිරීමටයි එරට රජය පියවර ගත්තේ.
කෙසේ වෙතත්, කෙටුම්පත් කර ඇති අදාළ ලැයිස්තුව සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැතත් එරට කෘෂිකර්ම අමාත්‍යාංශය එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ඌරන්, ගවයන්, බැටළුවන් ආහාරමය සතුන් ලෙස නම් කර ඇති අතර මුවන්, පැස්බරුන් ඇතුළු සත්ත්ව විශේෂ ගණනාවක් විශේෂ පශු සම්පත් ලෙස නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසය බිහිවූ බවට විද්‍යාඥයන් සැක පළ කර ඇති කැබැල්ලෑවා, වව්ලා සහ උරුලෑවා යන සතුන් සම්බන්ධයෙන් අදාළ ලැයිස්තුවෙහි කිසිදු සඳහනක් නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Share This Article