සහන පිලිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කරයි
Saturday, 11 April 2020 - 8:21 | Views - 1,218
වැඩිහිටි, ආබාධිත, වකුගඩු සහ සමෘද්ධි පවුල් සඳහා සහන සැලසීම අඛන්ඩව සිදුකෙරෙන බව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සේවා කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය 9 වනදා වනවිට 5000 වැඩිහිටි දීමනාව පුද්ගලයින් පන්ලක්ෂ 62,977 කට ලබාදී ඇති බවයි.
ආබාධිත තැනැත්තන් සඳහා රුපියල් 5000 දීමනාව එක්ලක්ෂ 4585 කට ගෙවා තිබෙනවා.
වකුගඩු ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන රුපියල් 5000 දීමනාව පුද්ගලයින් 38,083 කට ගෙවා ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සමෘද්ධිලාභීන් දහසය ලක්ෂ 78,962 දෙනෙකුට ද රුපියල් 5000 දීමනාව ලබාදී ඇති බව සඳහන්.
Share This Article