විදේශගත ශ්‍රමිකයින්ට, විදේශ අමාත්‍යාංශයේ සහය අඛණ්ඩව
Saturday, 11 April 2020 - 8:17 | Views - 1,402

කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හමුවේ ලොව පුරා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහය වීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
විදේශ සබඳතා අමාත්‍යාංශයේදී කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මේ අවස්ථාවේ සහය ලබාදීමට හැකි යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියනයක් පමණ මේ වනවිට විදේශගතව සිටින අතර, ඔවුන් විශාල වශයෙන් මැදපෙරදිග, නැගෙනහිර ආසියානු, ගිණිකොණදිග ආසියානු, යුරෝපා හා අප්‍රිකානු කලාප වල රැකියාවල නියුතු බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන්ගේ ගැටලූ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එම ගැටළුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකර තිබූ බවයි එමගින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
Share This Article