තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ
Saturday, 11 April 2020 - 8:14 | Views - 2,113
තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු මෙරටින් හමුවෙයි
කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඉන් රෝගීන් 6 දෙනෙකු ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි.
දෙහිවල ප්‍රදේශයෙන් ද තවත් එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වූ මුළු සංඛ්‍යාව 197 දක්වා ඉහළ යනවා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ.
Share This Article