මම ගොඩාක් බය වෙලා ඉන්නේ, මං වෙනුවෙන් යදින්නැයි නිවෙස් ඥාතීන්ට කෙටි පණිවුඩයක් තැබු Covid-19 ආසාදිත ටැක්සි රියදුරාට අත්වූ ඉරණම
Friday, 10 April 2020 - 21:31 | Views - 3,382
සෞඛ්‍ය සම්පන්නව සිටි කුලි ටැක්සි රථ රියදුරෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, south London ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 33 ක් වන පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
 
මට විශාල බියක් දැනෙනවා, මා වෙනුවෙන් යාච්ඥා කරන්න යනුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පවුලේ ඥාතියෙකු වෙත කෙටි පණිවුඩයක් යවා තිබෙනවා.
 
දින කිහිපයකට පෙර කුලි රථයේ ගමන් ගනිමින් සිටි කාන්තාවකට දිගින් දිග කැස්ස ඇති වූ බවත්, ඇයට කොරෝනා ආසාදනයවී ඇති බවට සිතන බවත් අදාළ රියදුරා විසින් සිය සොයුරාවට පවසා තිබු බව ද සදහන්.
 
එම සිදුවීම සිදුවී දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව ටැක්සි රියදුරාට ද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීමත් සමග සෞඛ්‍ය අංශ වෙත නිවෙස් සිටි අය දැනුම්වත් කර ඇති අතර ඉන් අනතුරුවයි ඔහු රෝහල් ගත කිරීමට පියවර ගනු ලැබුවේ.
 
කෙසේ වෙතත්, ඔහු St. George’s රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී සිකුරාදා ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top