අවසන් කැමැත්ත විදිහට හිරු බැසීමේ දර්ශනය නැරඹු කොරෝනා ආසාදිත චීන ජාතිකයාට සිදු වූ දේ
Friday, 10 April 2020 - 15:04 | Views - 1,876
මිය යාමට පෙර හිරු බැසීමේ දර්ශනය නැරඹීමට අවශ්‍ය යැයි පැවසු චීන ජාතික වයෝවෘද්ධ පුද්ගලයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
 
87 හැවිරිදි, Liu Kai, කොරෝනා වෛරසය ආසාදනයවී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයෙකුට කියා සිටියේ, තමට ඉර බැසීමේ දර්ශනය නැරඹිය යුතු බවයි.

එම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු ඔහුගේ ඉල්ලීම ඉටු කර තිබුණා.
 
අදාළ වෛද්‍යවරයාගේ මිත්‍රයෙකු විසින් එය ඡායාරූප ගත කර ‌ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 05 වනදායි.
 
හදවත් කම්පා කරන මෙම ඡායාරූපය සාමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහි පරිශිලකයින් අතර දැඩි කතා බහකට ද ලක්ව තිබුණා.
 
එම සිදුවීමෙන්  මාසයකට අනතුරුව Liu Kai, පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top