අවසන් කැමැත්ත විදිහට හිරු බැසීමේ දර්ශනය නැරඹු කොරෝනා ආසාදිත චීන ජාතිකයාට සිදු වූ දේ
මිය යාමට පෙර හිරු බැසීමේ දර්ශනය නැරඹීමට අවශ්‍ය යැයි පැවසු චීන ජාතික වයෝවෘද්ධ පුද්ගලයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
87 හැවිරිදි, Liu Kai, කොරෝනා වෛරසය ආසාදනයවී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයෙකුට කියා සිටියේ, තමට ඉර බැසීමේ දර්ශනය නැරඹිය යුතු බවයි.
එම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු ඔහුගේ ඉල්ලීම ඉටු කර තිබුණා.
අදාළ වෛද්‍යවරයාගේ මිත්‍රයෙකු විසින් එය ඡායාරූප ගත කර ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 05 වනදායි.
හදවත් කම්පා කරන මෙම ඡායාරූපය සාමාජ්‍ය මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහි පරිශිලකයින් අතර දැඩි කතා බහකට ද ලක්ව තිබුණා.
එම සිදුවීමෙන් මාසයකට අනතුරුව Liu Kai, පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
