ඇමරිකාවේ වැඩිම ආසාදිතයින් පිරිසක් නිව්යෝක් ප්‍රාන්තයෙන්
Friday, 10 April 2020 - 14:14 | Views - 640

ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාවට ඊයේ දිනයේදී තවත් 799ක් එක්වූ අතර, එය තුන් වන දිනටත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 16,700කට ආසන්න වී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාර ලක්ෂ 68,887ක්.
ඒ අතුරෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ද නිව්යෝක් ප්‍රාන්තයෙන්.
එහි නගරාධිපති ඇන්ඩෲ කුවෝමෝ සඳහන් කළේ තත්ත්වය පාලනය කිරීමට නිව්යෝක්වාසීන් තවදුරටත් නිවෙස්වලම රැදී සිටිය යුතු බවයි.
එමෙන්ම, ඇමරිකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්ම විය හැකි බවට කලින් ප්‍රකාශ වුවද දැන් එය 60,000 උපරිමයකට සීමා කළ හැකි වනු ඇති බවයි වෛද්‍ය අංශ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දහසය ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 95,700කට අධිකයි. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්.
එම සංඛ්‍යාව 18,000 ඉක්මවා ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාව ද එක්ලක්ෂ 43,000කට අධිකයි.
මේ අතර, ඉතාලියේ සෞඛ්‍ය සම්මේලනය සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය පෙබරවාරියේ සිට එරට වෛද්‍යවරුන් ද සියයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.
එමෙන්ම, ඉතාලි හෙදියන් සහ හෙද සහයිකාවන් ද 30කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඉතාලියේ සිටින හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
Share This Article