කරාපිටිය ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයාගේ දේහය ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ සිදු කරයි
Friday, 10 April 2020 - 14:03 | Views - 2,503

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ දේහය මුද්‍රා තබා ජාත්‍යන්තර නිරෝධායන නීති යටතේ අද පෙරවරුවේ ආදාහනය සිදුකර තිබෙනවා.
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ පියෙකුයි මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දඩැල්ල පොදු සුසාන භූමියේදී ආදාහනය කර ඇත්තේ.
කොරෝනා ආසාදිත ඔහුගේ පුතු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර නිරෝධායනය අවසන් කර නිවෙස වෙත යෑමෙන් පසුව කොරෝනා වැළඳී රෝහල්ගතකර තිබුණා.
එමෙන්ම, කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්වී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ඊයේ රාත්‍රියේ පළාගිය 19 හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගියදා රෝහල් ගත කර ඇති අතර, පළා යමින් සිටියදී ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
තන්තිරිමලේ - කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර, ඒ අනුව ඔහු කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.
එහෙත් ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, කොරෝනා ආසාදනය වූ පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ කාන්තාවකගේ පවුලේ සාමාජිකයින් ඇසුරු කළ අය සිටීත් නම් ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට තොරතුරු ලබාදෙන ඉල්ලීමක් කරනවා.
34 හැවිරිදි ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය 05 වැනිදා අනාවරණ වී තිබුණේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අද දිනය තුළ මෙතෙක් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නොමැති අතර, වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 190ක්.
මෙරටදී කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 49ක් වන අතර, වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 134ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මෙරටින් කොරෝනා මරණ 07ක් ද වාර්තා වුණා.
Share This Article