කොළඹ නගරයේ වායු දූෂණය, වසර 20කට පසු අවම මට්ටමට
Friday, 10 April 2020 - 13:56 | Views - 729
වසර විස්සකට පසුව කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ පවතින ඇඳිරි නීති තත්ත්වය තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම වීම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
මේ අතර, සූර්යයා, දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට මේ දිනවල ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව අද දහවල් 12.11ට කුඹුක්වැව, මැදගම, ඉපලෝගම, එප්පාවල, රොටවැව, පඟුරන සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Share This Article