දැඩිසත්කාරයට ඇතුළත් කළ, බ්‍රිතාන්‍ය අගමැති ගැන ආපු අළුත්ම ආරංචිය
Friday, 10 April 2020 - 11:58 | Views - 940
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
 
මීට දින 10කට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් සුවය ලැබීමේ මාවතට පිවිස ඇති බවයි බි්‍රතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කළේ.

ඔහුට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දී ඇති නමුදු වෙන්ටිලේටර් යන්ත්‍රයට සම්බන්ධ නොකළ බවයි බි්‍රතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහන් කළේ.
 
අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සතුට පළ කළා.
 
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා තවදුරටත් රෝහල් ගතව සිටින අතර ඔහුගේ රාජකාරී කටයුතු ඉටු කිරීම තාවකාලිකව විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් ඉටු කරනු ඇති.
 
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක්ව ඇති යුරෝපා රටවල ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා යුරෝ බිලියන 500ක අරමුදලක් මුදා හැරීමට යුරෝපා සංගම් මුදල් අමාත්‍යවරුන් ඊයේ එකඟත්වය පළ කළා.
 
කෙසේ නමුත්, ප්‍රංශය සහ ඉතාලිය ඉල්ලා සිටි පරිදි ඒ සඳහා කොරෝනා බැඳුම්කර නිකුත් කිරීමට ඔවුන් එකඟ වී නැහැ.
 
එමෙන්ම තත්ත්වය සමනය කිරීම සඳහා යුරෝපා මහබැංකුව ඉල්ලා සිටි යුරෝ ටි්‍රලියන 1.5ක මුදල හා සසදන විට දැන් ප්‍රකාශ වී ඇති පැකේජය බෙහෙවින් අඩු මුදලක්.
 
මේ අතර, චීනයෙන් මතු වූ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පිළිබදව තායිවානය සිදුකළ අනතුරු ඇගවීම් නොසලකා හැරි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනාවක් එල්ල කළා.
 
එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඇමරිකාව ලබාදෙන මූල්‍යාධාර අත්හිටුවීමට ද තර්ජනය කර තිබෙනවා.
 
කෙසේ නමුත් එය ලොව පුරා කොවිඞ් නයින්ටීන් වසගංතයට එරෙහිව ක්‍රියාත්මක වන වැඩසටහන්වලට දරුණු බලපෑමක් එල්ල කරන පියවරක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top