කොවිඩ් නයින්ටීන් මැඬලීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන1.3ක්
Friday, 10 April 2020 - 11:49 | Views - 710
යූ.එස්.ඒඞ් හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් මෙරට කොවිඞ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26කට ආසන්න මුදලක්.

කොළඹ එක්සත් ජනපද කාර්යාලය සඳහන් කළේ දුෂ්කර අවස්ථාවන් හිදී මිතුරු රටක් වෙත සහයෝගීතාව පළ කිරීමේ පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බවයි.

ගෝලීය වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිරසාර සබඳතාවක් පවතින බව මෙයින් පිළිබිඹු වනවා.

එමෙන්ම, මෙම මූල්‍යාධාරය මගින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වදින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ද වැඩි දියුණු කළ හැකි වනු ඇති බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරණය කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top