කොවිඩ් නයින්ටීන් මැඬලීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන1.3ක්
Friday, 10 April 2020 - 11:49 | Views - 711
යූ.එස්.ඒඞ් හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් මෙරට කොවිඞ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 26කට ආසන්න මුදලක්.
කොළඹ එක්සත් ජනපද කාර්යාලය සඳහන් කළේ දුෂ්කර අවස්ථාවන් හිදී මිතුරු රටක් වෙත සහයෝගීතාව පළ කිරීමේ පියවරක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන බවයි.
ගෝලීය වසංගතය හමුවේ වුවද ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තිරසාර සබඳතාවක් පවතින බව මෙයින් පිළිබිඹු වනවා.
එමෙන්ම, මෙම මූල්‍යාධාරය මගින් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වදින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව ද වැඩි දියුණු කළ හැකි වනු ඇති බවයි එක්සත් ජනපද තානාපති කාර්යාලය අවධාරණය කළේ.
Share This Article