ඉන්දියාව කොරෝනා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය වෙනස් කරයි
Friday, 10 April 2020 - 9:49 | Views - 3,411
කොරෝනා වෛරස් ආසාදිතයන් පරීක්ෂා කිරීමේ ක්‍රමෝපාය යළි ඇගයීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිල්ලිය ඇතුළු වෛරසය පැතිරීමේ අවදානම සහිත ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ පරීක්ෂා කිරීම් ඉහළ නංවා ඇති බව සඳහන්.

එහිදී කොරෝනා ආසාදිතයන්ට සම්බන්ධතාවක් නොමැති වුවද රෝග ලක්ෂණ සහිත සියළු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම විශේෂත්වයක්.

පසුගිය දින 20ක කාලය තුළ ඉන්දියාව පරීක්ෂාවට ලක් කළේ වර්ග 5කට අයත් සැක කටයුතු පුද්ගලයන් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

පසුගිය දින 14 තුළ ජාත්‍යන්තර සංචාරයන් හි නිරත වූ පුද්ගලයන්, තහවුරු වූ ආසාදිතයන් හා සබඳතා පැවැත්වූ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්, රෝග ලක්ෂණ පෙන්නුම් කළ සෞඛ්‍ය සේවකයන් කොරෝනා වෛරස් ලක්ෂණ පෙන්නුම් නොකළ ද දරුණු ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් සහ තහවුරු කළ රෝගීන්ගේ අවදානම් සහිත සබඳතාවන් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණා.

නව ක්‍රමවේදය අනුව අහඹු පරීක්ෂණ සිදුකළ ද පී.සී.ආර්. හෙවත් කොරෝනා තහවුරු කිරීමේ පරීක්ෂාවට ලක් කෙරෙන්නේ දින 7ක කාලයක් අඛණ්ඩව උණ, කැස්ස, උගුරේ ආසාදන සහ නාස් දියර ගැලීම වැනි ලක්ෂණ සහිත පුද්ගලයන් පමණයි.

මේ අතර, ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනය සඳහන් කළේ සංචාරයන් හි නිරත වූ හෝ එවැනි පුද්ගලයන් සමඟ සබදතාවක් නොමැති ජනතාව අතර වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

නවතම දත්තවලට අනුව එලෙස සංචාරය කිරීමේ ඉතිහාසයක් නොමැති රෝගීන් අතර කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රතිශතය සියයට 38ත් සියයට 54ක් අතර අනුපාතයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 199 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ නව මරණ 33ක් වාර්තා වුණා.

එරට කොරෝනා වෛරස් මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6412ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top