රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට
Friday, 10 April 2020 - 9:20 | Views - 1,610
මන්නාරම - මැදවච්චිය මාර්ගයේ පරප්පකන්ඩල් හන්දියේදී යතුරුපැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 සහ 42 යන වයස්වල පසුවන අඩම්පන් ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article