COVID 19 නිසා, සිය බිරිඳ අසළටවත් යන්න නොහැකි වූ සැමියෙකුගේ සංවේදී කතාව - Photos
Friday, 10 April 2020 - 7:20 | Views - 1,171
ඇය කෙලී. ඔහු ඇල්බට්. මේ ආදරවන්තයින්ව ශාරීරික වශයෙන් වෙන් කරන්න හේතුව කොරෝනා. ඒත් ඔවුන්ගේ හිත්වල නොමැරුණු ප්‍රේමය වෙන් කරවන්නට "කොරෝනා"ට බැරි වුණා.
 
වසංගතය හේතුවෙන් කෙලීට රෝහල තුළ ප්‍රතිකාර ලබා දෙන මොහොතේ, ඇල්බට් කොනර් රෝහලෙන් පිටත ඇය වෙනුවෙන් රැඳී සිටියා.

මෙම ඡායාරූප කතාව කෙලී සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පසු අන්තර්ජාලය උණුසුම් කරමින් එය පැතිර ගියේ "සැබෑ ප්‍රේමය මේ බව" කියමිනුයි.
 
ඡායාරූපයේ සිටින ඇල්බට් පොතක් කියවමින්, පසෙකින් පුවරුවක්ද තබාගෙන සිටින අයුරු දැකගත හැකියි.
 
"මට ඔබත් එක්ක ඉන්න අවසර නැහැ. නමුත් මම ඔබ වෙනුවෙන් මෙතන ඉන්නවා..."

ඒ සමඟම රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කරන්නටත් ඔහු අමතක කර නැහැ.
 
කෙලී සිය ෆේස්බුක් පිටුවට එක් කළ මෙම ඡායාරූපයේ "කැප්ෂන්" එක ලෙස යොදා ඇත්තේ මෙසේ යි.
 
"වෛරසය හේතුවෙන් කිසිදු අමුත්තෙකුට මෙහි එන්න බැහැ. ඒත්.. ඒත් ඔහු ඒක නතර කළේ නෑ. ඇත්තටම ස්තුතියි ඔහුගේ ආදරයටත් සහයෝගයටත්.."
 
මෙම ෆේස්බුක් සටහනට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඔවුන්ගේ "සදාතනික ප්‍රේමයට" ලැබුණු උණුසුම් සුබපැතුම්ද ඒ අතර වුණා.
 
"ඔබ දෙදෙනා මගේ හදවත දිනාගත්තා. ආදරෙයි."
 
"එය ඇත්තෙන්ම පුදුම සහගතයි. මොනතරම් අගනා ස්වාමිපුරුෂයෙක්ද ඔහු?"
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)

Man 'Separated' from His Wife Due to Coronavirus Waits Outside ...
Husband holds sign outside for wife who has to go to chemotherapy ...
Man can't be with wife during chemo treatments, so he waits ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top