අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
Friday, 10 April 2020 - 7:07 | Views - 582
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, අනුරාධපුර, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරේ.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 14 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතිනවා.
ඒ අනුව අද දින (10) දහවල් 12:11ට කුඹුක් වැව, මැදගම, ඉපලෝගම, එප්පාවල, රොටවැව, පඟුරණ සහ පනිච්චන්කේනි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි ජනතාවට දැනුම් දෙන්නේ.
Share This Article