මීගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් රෝගීන්ට නිවසටම ඖෂධ
Thursday, 09 April 2020 - 16:38 | Views - 514
මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත නිවසටම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක පරිදි තැපැල් දෙපාර්තමේන්තුව හරහා එම ඖෂධ ලබාදීම සිදුකෙරෙන බවයි මීගමුව දිස්ත්‍රික් මහරෝහල දැනුම් දෙන්නේ.
ඒ සඳහා තොරතුරු දැන ගැනීමට විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
031 3121107, 031 3121136 හෝ 031 2280777 යන දුරකථන අංක එලෙස වෙන් කර ඇති අතර, රෝගියාගේ සායන අංකය, නම සහ වෛද්‍යවරයාගේ නම ඇතුළු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.
Share This Article