ප්‍රධාන පෙළේ සහල් මෝල් අඛණ්ඩව විවෘතව තැබීමට රජය තීරණය කරයි
Thursday, 09 April 2020 - 14:26 | Views - 615
සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ සහල් මෝල් අඛණ්ඩව විවෘත කර තැබීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ හමුවේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.
සහල් නිෂ්පාදන පවත්වාගෙන යෑම සඳහා වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කළ යුතු බවට මෙම සාකච්ඡාවේදි අවධානය වී තිබෙනවා.
Share This Article