විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක්
Thursday, 09 April 2020 - 11:10 | Views - 2,420
කොරෝනා වසංගතය හේතුවෙන් සියලූම රටවල් මුහුණදී ඇති මූල්‍යමය අර්බුදයත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණවීම වළක්වාගැනීම සඳහා විදෙස් ගතව සිටින්නන්ට මුදල් තැන්පත් කිරීමට විශේෂ ගිණුමක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම විශේෂිත ගිණුමට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවයි.
ඊට මෙරට සිටින විදේශිකයන්ටද මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතිනවා.
Share This Article