ගල්කිස්සේ අවන්හලේ තිබී හමුවූ මළසිරුර විෂබීජහරණයට
Thursday, 09 April 2020 - 10:48 | Views - 4,314
ගල්කිස්ස - සේරම් පාර අවන්හලක තිබී සොයාගත් නාඳුනන පුද්ගල සිරුර ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුව විෂබීජහරණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඊයේ උදෑසන මෙම මළසිරුර සොයාගනු ලැබුවේ අවන්හලේ වාහන අංගනයේ තිබියදියි. මොහු මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article