අලූත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසට ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම ඇතුලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එබැවින් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු සියලූ දිස්ත්‍රික්කවල හෙට පෙරවරු හයට ලිහිල් කර පස්වරු 4ට යළි ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලබන 14 වන අඟහරුවාදා පෙරවරු හය දක්වා ක්‍රියාත්මක වනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එදින පෙරවරු හයට එම ඇඳිරි නීතිය ඉවත් කර එදිනම සවස හතරේ සිට නැවත ක්‍රියාත්මක කෙරෙන බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා සිටියේ දිවයින තුළ පවතින වත්මන් පීඩාකාරී තත්වය හේතුවෙන් අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදු කරන ලෙසටයි.
සරළ ආහාර ද්‍රව්‍ය සකසාගෙන අදාල චාරිත්‍ර ඉටු කිරීමටත් තම නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කරන ලෙසත් පවතින තත්වය තුළ නිවසින් බැහැර යාමට හෝ විවිධ උත්සව ආදිය සංවිධානය කිරීම සිදු නොකළ යුතු බවත් ජනතාවට දැනුම් දෙනවා.
කොරෝනා වෛරසය ලෝකයම වෙලාගෙන සිටින අවදානම් තත්වයෙන් ශ්‍රී ලංකාවට සහ ලක්වාසීන් සියලුදෙනාට පීඩාවක් නොවන පරිදි සහ මෙම වෛරසය ව්‍යාප්ත නොවන පරිදි මෙම අවස්ථාවේ දී ක්‍රියා කිරීම සියලුදෙනාගේ යුතුකම හා වගකීම වන බැවින් අවදානම් තත්වය පාලනය කිරීමට ලැබෙන සහය අතිශය වැදගත් බවයි බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ.
