අලූත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්නැයි ඉල්ලීමක්
Wednesday, 08 April 2020 - 19:19 | Views - 941
අලූත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසට ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම ඇතුලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු සියලූ දිස්ත්‍රික්කවල හෙට පෙරවරු හයට ලිහිල් කර පස්වරු 4ට යළි ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලබන 14 වන අඟහරුවාදා පෙරවරු හය දක්වා ක්‍රියාත්මක වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එදින පෙරවරු හයට එම ඇඳිරි නීතිය ඉවත් කර එදිනම සවස හතරේ සිට නැවත ක්‍රියාත්මක කෙරෙන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා සිටියේ දිවයින තුළ පවතින වත්මන් පීඩාකාරී තත්වය හේතුවෙන් අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර  තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදු කරන ලෙසටයි.

සරළ ආහාර ද්‍රව්‍ය සකසාගෙන අදාල චාරිත්‍ර ඉටු කිරීමටත් තම නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කරන ලෙසත් පවතින තත්වය තුළ නිවසින් බැහැර යාමට හෝ විවිධ උත්සව ආදිය සංවිධානය කිරීම සිදු නොකළ යුතු බවත් ජනතාවට දැනුම් දෙනවා.

කොරෝනා වෛරසය ලෝකයම වෙලාගෙන සිටින අවදානම් තත්වයෙන් ශ්‍රී ලංකාවට සහ ලක්වාසීන් සියලුදෙනාට පීඩාවක් නොවන පරිදි  සහ මෙම වෛරසය ව්‍යාප්ත නොවන පරිදි මෙම අවස්ථාවේ දී ක්‍රියා කිරීම සියලුදෙනාගේ යුතුකම හා වගකීම වන බැවින් අවදානම් තත්වය පාලනය කිරීමට ලැබෙන සහය අතිශය වැදගත් බවයි බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top